ක්‍රිකට් අතුරුකමිටුවේ නම් එළියට එයි !

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය දින නියමයකින් තොරව කල්යාමත්, වත්මන් පාලනයේ ධුර කාලය ලබන මැයි 31 වැනිදායින් අවසන්වීමට නියමිතවීම හේතුවෙන් ඉදිරියේදී නම් කිරීමට නියමිත ක්‍රිකට් අතුරුකමිටුවට ප්‍රබල ක්‍රිකට් තරු කිහිපයක නම් මේවන විට යෝජනා වී ඇතැයි ක්‍රිකට් කේෂත්‍ර
ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එම කමිටුවේ, සභාපති ධූර සඳහා නම් 2ක් ඉදිරිපත්ව ඇති බව පැවසේ.

ඒ අනා පුංචිහේවා හා ජයන්ත ධර්මදාස යන නම්ය.

ඊට අමතරව එහි සෙසු සාමාජිකයන් ලෙස රොෂාන් මහානාම, මහේල ජයවර්ධන, කුමාර සංගක්කාර, සිදත් වෙත්තමුණි, හේමක අමරසූරිය, කුෂිල් ගුණසේකර, ප්‍රසන්න ජයවර්ධන හා රංජිත් මධුරසිංහ යන අයගේ නම් ඉදිරිපත්ව ඇති බව පැවසේ.

Powered by Blogger.