Email

නැව් සංස්ථාව තැබූ පොල්ලක් කෝප් කමිටුව හෙළිකරන් !

ලංකා විදුලි බල මණ්ඩලයට නැව් සංස්ථාවෙන් පොරොන්දුවු රුපියල් මිලියන 539ක ගල් අගුරු තොගයක් 2017 මාර්තු වන තෙක් සැපයීමට අපොහොසත්ව ඇති බව පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව හෙළිකර ගෙන තිබේ.

කෝප් විමර්ශනවලට ලක්වූ ආයතන 13ක් සම්බන්ධයෙන් පසුගියදා
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ ද මේ බව ඇතුළත්ව ඇතැයි වාර්තා වේ.

ගල් අගුරු මෙට්‍රික් ටොන් 37531 ක ප්‍රමාණයක් මෙසේ සපයා නැති බව පැවසේ.

මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ අනු කමිටුවේ නිර්දේශයවී ඇත්තේ රුපියල් මිලියන 539ක මුදලක් නැව්සංස්ථාව මගින් ලංකා විදුලිබල මණ්ඩලයට ගෙවිය යුතු බවයි.

ඊට අමතරව තව ගල් අගුරු නැව් 20ක් නැව් සංස්ථාව ගත යුතුබවටද නිර්දේශ කර තිබියදී එය ක්‍රියාත්මක කර නොමැති බවද හෙළිකර ගෙන තිබේ.


gossip lanka