Email

මීළග ජනාධිපතිවරණයට තරග කරන්න රවි කරුණානායක සූදානම්.. මුල් පියවර නුවරින් අරඹයි..

හිටපු ඇමති එජාප උප නායක රවි කරුණානායක මහතා මීලග ජනාධිපතිවරණයට තරග වැදීමේ සූදානමකින් පසුවන බව ඔහුට සමීප ආරංචි මාර්ග සදහන් කරයි.

පසුගිය කැබිනට් සංශෝධනයේදී ඇමති ධුරයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවෛන් සිටි ඒ මහතා එය නොලැබීම නිසා සිත්
තැවුලෙන් සිටින බවද වාර්තා වෙයි.

මෙම කලකිරීම හේතුවෙන් කරුණානායක මහතා මීලග ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයෙකු ලෙස තරග වැදීමට සූදානමින් සිටින බව ඔහුගේ හිතවතුන් සදහන් කරයි.

මහනුවර ප‍්‍රදේහයේ කලහකාරී සිදුවීම් ඇති වූ ප‍්‍රදේශවල සංචාරය කර විවිධ පරිතඨාග කර විශාල මාධ්‍ය ප‍්‍රචාරයක්ද ලබා ගත්තේ එහි මුල් පියවර ලෙස බවද වාර්තා වෙයි.

ඊට අමතරව මේ දිනවල විවිධ ආන්දෝලනාත්මක ප‍්‍රකාශයන් නිකුත් කරමින් ඇත්තේද එම ඉලක්කය අනුව බවද සදහන්ය.

කෙසේ වෙතත් ඔහු තරග වදින්නේ කුමන පක්‍ෂයෙන් හෝ සන්දානයෙන්දැයි මෙතෙක් තොරතුරක් ලැබී නැත.


-lankacnews
gossip lanka