පර්පෙච්චුවල් ට‍්‍රෂ්රීස් දේපල රාජසන්තකයි.. බැදුම්කර මගඩි මුදලින් පගා දුන් බව හෙලිවෙයි..

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පර්පෙච්චුවල් ට‍්‍රෂරීස් සමාගමේ වත්කම් රාජසන්තක කිරීමේ සූදානමක් ඇති බව අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා අධිකරණය හමුවේ සදහන් කර ඇත.

බැදුම්කර නිකුතුවේදී අයථා ලෙස උපයන ලද ධනය ආයතන ප‍්‍රධානීන්
විසින් පුද්ගලික පරිහරනය සදහා යොදා ගත්තේ යයි ලිඛිත සාක්‍ෂි ඇති නිසා මෙම පියවර ගන්නා බවද කෝදාගොඩ මහතා අධිකරණයට දැන්වීය.

මෙම කටයුතු ඉදිරියට කරගෙන යාම සදහා අර්ජුන් ඇලෝසියස් හා කසුන් පලිසේනගේ වත්කම් බැරකම් ප‍්‍රකාශණයක් ලබා දීමට නියෝග කරන්නැයිද ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඔත්තුකරුවනට පගාව දීමටත් වෙනත් ආකාරයක වත්කම් හා සුරැුකුම්පත් නිශ්චල දේපල ලෙස පරිහණය කර ඇති බවත් හෙලි වී ඇතැයිද ඔහු වැඩි දුරටත් කරුණු දැක්වීය.

Previous Post Next Post