Email

කොළඹ පාතාලය යළි මරාගනී - චිකාගෝව සිහිගන්වමින් කොළඹ මැද මහදවාලේ සිදුකල මිනීමැරුමේ දර්ශණ මෙන්න… (video)

සුඛෝපභෝගීි මෝටර් රථයකින් යමින් සිටි මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු බව කියන පුද්ගලයකුට ආමර් වීදියේ මැසෙන්ජර් හන්දියේදී යතුරුපැදිකින් පැමි‚ නාඳුනන පුද්ගලයන් දෙදෙනකු තැබූ වෙඩි තැබීමකින් ඝාතනයට ලක්වී ඇතැයි කොටහේන පොලිසිය කියයි.

ඝාතනයට ලක්ව ඇත්තේ බොරැල්ල ගොරකගහ පාර පදිංචිව සිටි
ඇන්ටන් රාජ් (42) නමැත්තෙකි.

වෙඩි තබන අවස්ථාවේ ඝාතනයට ලක්වූ අයගේ බිරියද එම මෝටර් රථයේ සිට ඇති අතර ඇයද තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
ඝාතනයට ලක්වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු තුවාල ලද බිරිය සමඟ ගල්වල හන්දියේ සිට ආමර් වීදිය දෙසට පැමිŒමේදී යතුරුපැදියකින් පැමි‚ නාඳුනන පුද්ගලයන් දෙදෙනකු මිලිමීටර් නවය වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පලාගොස් ඇතැයි පොලිසිය කියයි.
ඝාතකයන් මෝටර් රථයේ වම්පස රියැදුරු අසුන අසල වීදුරුවෙන් වෙඩි ප්‍රහාර තුනක් එල්ල කර ඇති බව පොලිසිය කියයි.

ඝාතනයට ලක්වූ අයගේ පපු ප්‍රදේශයට වෙඩි වැදී ඇත.
වෙඩි ප්‍රහාරය එල්ල වූ සැ‚න් අවට සිටි පිරිස් තුවාල ලැබූ අඹු සැමි යුවළ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබූ අතර ඒ වන විටත් පිරිමි පුද්ගලයා මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයකු පැවැසීය.
කොටහේන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එච්.එම්. කරුණාරත්න හා අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එච්.ඒ. තිලකරත්න මහත්වරු පරීක්ෂණ පවත්වති.

මේ අතර ඊයේ (19දා) පස්වරු 5ට පමණ අතුරුගිරිය ගල්වරුසාව ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
කොරතොට ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි විවාහකයකු වන ඔහු ඔරුවල පාසල ප්‍රදේශයේ සිට නවගමුව දෙසට යතුරුපැදියකින් යමින් සිටින අතරතුරදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවද අනාවරණය වෙයි.

යතුරුපැදි දෙකකින් පැමි‚ බව කියන නාඳුනන පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව අනාවරණය වන අතර මෙම වෙඩි ප්‍රහාරය සමයං හා ලැඩියා නමැති පාතාල කල්ලි දෙක අතර ඇතිව තිඛෙන ගැටුමක ප්‍රතිඵලයක් බවද අනාවරණය වෙයි.


gossip lanka