Email

සිංහල, දෙමළ හා මුස්ලිම් 190ක් දේශප්‍රේමීන් කරන්න ඉල්ලීමක් !

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යට යටත්ව තිබු සමයේ බ්‍රිතාන්‍ය රජයට එරෙහිව කටයුතු කිරිම නිසා 1804 ජුනි, 04 දින ප්‍රකාශයට පත් කල ගැසට් පත්‍රිකාවකින් ඉංග්‍රීසින් විසින් දේශ ද්‍රෝහීන් ලෙස නම් කල සිංහල, දෙමල හා මුස්ලිම් නායකයන් 190 දෙනෙකු දේශප්‍රේමින් ලෙස ගැසට් මගින් ප්‍රකාශ කරන්නැයි පුනුරුත්ථාපන හා නැවත පදිංචි කිරිම් රාජ්‍ය අමාත්‍ය එම්. එල්.
ඒ. එම්. හිස්බුල්ලා මහතා අධිකරණ අමාත්‍යංශයෙන් ඉල්ලා තිබේ.

ලිපියක් යොමුකරමින් ඔහු මේ ඉල්ලීම සිදුකර ඇත.

නැගෙනහිර පලාතේ මුස්ලිම් නායකයන් හත් දෙනෙකු ඇතුලූව මෙම නායකයන් දේශප්‍රේමීන් ලෙස නම් කරන්නැයි ඉල්ලා ජනාධිපති හා හිටපු අධිකරණ ඇමතිවරයා වෙත ද ලිපියක් යවමින් තමන් ඉල්ලීම් කල බවත්, ජනාධිපතිවරයා එම ඉල්ලීම ක්‍රියාත්මක කරන බව තමන් වෙත දන්වා ඇතත් එය තවමත් ඉටු නොවු බව රාජ්‍ය ඇමතිවරයා සිය ලිපියේ දක්වා ඇතැයි පැවසේ.



gossip lanka