Email

අගමැතිට විශ්වාසය පළ කරන ලේඛනයකට 80 දෙනෙක්‌ අත්සන් තබති

 අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහි විශ්වාසය පළ කිරීමේ ලේඛනයකට එක්‌සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් අසූවකට වඩා වැඩි ප්‍රමාණයක්‌ ඊයේ (22 වැනිදා) අත්සන් තබා ඇත.

 රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය විසින් විශ්වාස භංග
යෝජනාවක්‌ භාරදී ඇති නිසා එක්‌සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් මෙසේ ඊයේ (22 වැනිදා) පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලාවකදී අගමැතිට විශ්වාසය පළකිරීමේ ලේඛනයකට අත්සන් කළ බව නීතිය හා සාමය, රාජ්‍ය පරිපාලන ඇමැති රංජිත් මද්දුමබණ්‌ඩාර මහතා  ප්‍රකාශ කළේය.

 ආණ්‌ඩුවේ සිටින එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී කණ්‌ඩායම ඊයේ (22 වැනිදා) දහවල් මෙසේ කමිටු ශාලාවක විශේෂ රැස්‌වීමක්‌ පවත්වා ඉන් පසුව අදාළ ලේඛනයට අත්සන් තැබූ බවද හෙතෙම කීවේය.

 දැනට විදේශගතව සිටින මන්ත්‍රීවරුන් හැර සෙසු මන්ත්‍රීවරු මෙම ලේඛනයට අත්සන් තැබූ බවද එම සංඛ්‍යාව අසූවකට වැඩි බවද ඇමැතිවරයා කීවේය.

 අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව පරාජය කිරීමට මෙම මන්ත්‍රී කණ්‌ඩායම මෙහිදී ඒකමතිකව තීරණය කළ බවද රංජිත් මද්දුමබණ්‌ඩාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

- දිවයින


gossip lanka