Email

තවත් ආයතන 13ක කෝප් වාර්තා එන සතියේ එළියට

පාර්ලිමේන්තුවේ කෝප් කාරක සභාවේ විමර්ශන වලට ලක්වූ තවත් ආයතන 13ක් පිළිබඳ වාර්තාවක් ඉදිරි පාර්ලිමේන්තු සතියේදී ඉදිරිපත් කිරීමට කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා සූදානම් වන බව වාර්තා වේ.

එසේම මීට පෙර ඉදිරිපත් කරන ලද කෝප් වාර්තා සම්බන්ධයෙන් නිසි
ක්‍රියාමාර්ග නොගන්නේ නම් එම වාර්තාවල ඇතුළත්ව ඇති තොරතුරු ජනතාවට අනාවරණය කිරීමට සැරසෙන බවද පැවසේ.

ඉකුත් පාර්ලිමේන්තු සතියේදී දූෂණ විරෝධී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගෝලීය සංසදයේ මහ ලේකම් ජෝන් හයිඩ් මහතා හා හඳුන්නෙත්ති මහතා අතර හමුවක් පසුගිය දිනවල සිදුව තිබේ.



gossip lanka