අද තරගයේදී පිටිය වෙනස් වී තිබිය හැකිලු

ශි‍්‍ර ලංකා බංග්ලාදේශ ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ දෙවන තරගය අද (08) ආරම්භ වනවා.

ඒ, මීර්පූර් හි ශි‍්‍ර බංග්ලා ජාතික කී‍්‍රඩාංගනයේදීයි.

තරග දෙකකින් යුත් මෙම තරගාවලියේ අවසන් තරගයද මෙය වනවා.



දෙපිළ අතර පැවැති පළමු තරගය ජය පරාපයෙන් තොරව නිමා වුණා.

පළමු තරගයේදී තණනිල්ල පිතිකරුවන්ට ඉතා සුදුසු එකක් වු බවයි විචාරකයන් පැවසුවේ. දෙපිලේම පිතිකරුවන් එහිදී වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස් කර ගත්තා.

කෙසේ වෙතත් අද ආරම්භ වන තරගයේදී තණනිල්ල ඊට වඩා වෙනස් වනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

බොහෝ විට දඟ පන්දු යවන්නන්ට තණනිල්ලේ වැඩි වාසිය හිමිවනු ඇතැයිද විශ්වාසය පළ වනවා. මෙම තරගය ශි‍්‍ර ලංකා වේලාවෙන් උදෑසන 09.00ට පමණ ආරම්භ කිරීමට නියමිතයි.

.

Previous Post Next Post