Email

දිලීරයක් නිසා සීගිරි බිතුසිතුවම් යළි අනතුරේ!

සීගිරි කැටපත් පවුරේ යළිත් වතාවක් දිලීරයක් හට ගැනීම හේතුවෙන් එය විනාශවීමේ අවදානමකට ලක්ව ඇතැයි වාර්තා වේ.

මීට අවස්ථා කිහිපයකදීද සීගිරි බිතුසිතුවම්වල දිලීර තත්ත්වයක් ඇති වූයේ
1962 වසරේදී එම චිත්‍ර තාර දමා විනාශ කිරීමේ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසයි.

මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කරන්නේ මෙවර කාලගුණික හා දේශගුණික විපර්යාස මත කැටපත් පවුරේ ද දිලීර හටගෙන ඇති බවයි.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ක්‍ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ, රසායනික විද්‍යා සහ සංරක්ෂණ විද්‍යාව පිළිබඳ දැනුමක් ඇති විශේෂඥ කණ්ඩායමක් විසින් මෙම කැටපත් පවුරේ රසායනික ද්‍රව්‍යයක් මගින් දිලීර ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට සිදුකරන බව වාර්තා වේ.

gossip lanka