Email

ආණ්ඩු අර්බුදය මැද්දේ සාගල ඇමැති ධූරය අත්හරියි

නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඒෂියන් මිරර් වෙත හෙළි කර ඇත.

මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා අද උදෑසන අග්‍රාමාත්‍යවරයා හමු වී
සාකච්ඡා කළ බව වැඩිදුරටත් සඳහන් වේ.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ තම පක්ෂයේ සුභසිද්ධිය සඳහා තම අමාත්‍ය ධූරය කැප කිරීමට තමන් දෙවරක් නොසිතන බවයි.

අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇත්තේ එජාප සහ නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ බහුතරය ගොඩ නැගීම සම්බන්ධයෙන් කටයුතු කරන අතරවාරයේදී වීම විශේෂත්වයකි.

ආරංචි මාර්ග පවසන පරිදි අමාත්‍යවරයා මෙම තීරණය ගන්නට ඇත්තේ එජාප ප්‍රමුඛ රජයක් සඳහා පිල් මාරු කරන මන්ත්‍රීවරුන් හට ප්‍රභල අමාත්‍ය ධූර ලබා දීමේ අරමුණින් බවයි.



gossip lanka