Email

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ඉල්ලා අස්වෙයි?

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙස කටයුතු කරන අමාරි විජේවර්ධන මහත්මිය ලබන මාර්තු 30 වැනිදායින් සිට සේවයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදී ඇතැයි
අභ්‍යන්තර විදේශ සේවා ආරංචි මාර්ග පවසයි.

ඇයගේ අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇතැයිද එම ආරංචිමාර්ග සඳහන් කළේය.

වත්මන් යහපාලන රජය බලයට පත්වීමත් සමගම අමාරි විජේවර්ධන මහත්මිය බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙස පත්කරන ලද්දේ පසුගිය රජය සමයේ බිඳ වැටී තිබූ ද්විපාර්ශ්වික සම්බන්ධතා වර්ධනය කරලීම පිණිසය.

ලබන අගෝස්තුවේදී අමාරි විජේවර්ධන මහත්මියගේ වසර දෙකක සේවා කාලය අවසන් වීමට නියමිතව තිබණි.

gossip lanka