Email

ඇමති තනතුරු බෙදෙන්නේ මෙහෙමලු

යෝජිත කැබිනට් සංශෝධනයේදී අමාත්‍යංශ කිහිපයක සුහද මාරු සිදු වීමටද නියමිතව තිබෙනවා. ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යංශය අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා වෙත පැවරෙනු ඇතැයිද ඔහු විසින් මෙතෙක් කටයුතු කළ ආපදා කළමනාකරණ අමාත්‍යංශය අමාත්‍ය දුමින්ද දිසානායකට
පැවරෙනු ඇතැයි  සඳහන්.

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල යටතේ ඇති උසස් අධ්‍යාපන අමාත්‍යංශය වෙනත් අයෙකුට පැවරෙනු ඇතැයි ද අමාත්‍ය කබීර් හෂීම් යටතේ ඇති රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයට අනුයුක්ත ආයතන වෙනස් වනු ඇතැයි ද වාර්තා වනවා. මීට අමතරව එස් බී දිසානායක, මලික් සමරවික‍්‍රම, දයාසිරි ජයසේකර, හරීන් ප‍්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ විෂයන් ද වෙනස් වනු ඇති බවයි පැවසෙන්නේ.

තිලක් මාරපන අමාත්‍යවරයා යටතේ ඇති විදේශ අමාත්‍යංශය වෙනත් අයෙකුට පැවරෙනු ඇතැයි ද සඳහන්. ගාමිණි ජයවික‍්‍රම පෙරේරා අමාත්‍යවරයාගෙන් වනජීවි අමාත්‍යංශය ඉවත් කිරීමට ද යෝජනා වී තිබෙනවා.


කෙසේ වෙතත් පාඨලී චමිපික රණවක, වජිර අබේවර්ධන, නවීන් දිසානායක, අකිල විරාජ් කාරියවසම් සහ මහින්ද සමරසිංහ යන අමාත්‍යවරුන්ගේ අමාත්‍යාංශ වෙනස් නොවනු ඇතැයි දේශපාලන ආරංචි කියා සිටියා. රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙසත්, පාඨලී චම්පික රණවක මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් දැනට කටයුතු කරනවා. වජිර අබේවර්ධන ස්වදේශ කටයුතු අමාත්‍යවරයායි. අකිල විරාජ් කාරියවසම් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත්, නවීන් දිසානායක වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස මහින්ද සමරසිංහ වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා ලෙසත් කටයුතු කරනවා.






gossip lanka