Email

ජනාධිපති ආවේස වෙලා වගේ කටට එන එන බොරු කියනවා..- අමරසේකර

මැතිවරණය ඉලක්ක කරමින් ආණ්ඩුවේ නායකයන් විසින් සිදු කරමින් සිටින ප‍්‍රකාශ හේතුවෙන් ජාත්‍යන්ය හමුවේ ශ‍්‍රි ලංකාවට දැඩි ලෙස හානි සිදුවිය හැති යයි ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඡන්ද ගැනීම සදහා නායකයන් විසින් ජනතාව නොමග යැවීමට සිදු කරන
ප‍්‍රකාශ රටට නොගැලපෙන බවත් නායකයන් ප‍්‍රකාශ සිදු කිරීමේදී වගකීම් සහගත විය යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

‘ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කටට ආව දේවල් කියනවා. මේ ප‍්‍රකාශ ජාත්‍යන්තරය දැන ගත්තම රටට විශාල අපකීර්තියක් වෙනවා. මෙරටට ආයෝජන පවා අහිමී වීමේ අවදානමක් තිබෙනවා.

අපි කියන්න කැමතියි අවේස වෙලා වගේ බොරු කියනකොට රට ගැන හිතලා කතා කරන්න කියලා’

කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරනු ලැබීය.

gossip lanka