Email

අලූත් ආණ්ඩුව හදන්න අත්සන් ගැනීම ඇරඹේ.. සුබ නැකතින් මුල්ම අත්සන අලූත් අගමැති නිමල් සිරිපාලගෙන්.. 113 සම්පුර්ණ කර ජනපති අතට..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මූලික කරගත් එක්සත් ජාතික පක්‍ෂය නෙරපා දමමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් බිහි කිරීම සදහා පාර්ලිමේන්තුවේ ආසන 113ක බහුතර බලය පෙන්වීම සදහා වන ලිපියට අත්සන් ගැනීම ආරම්භ වී තිබේ.

මෙහ් පළමු අත්සන ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් තබා ඇති
අතර පිහිටවනු ලබන අලූත් සන්ධාන ආණ්ඩුවේ අගමැති ධුරය ඔහුට හිමිවනු ඇතැයි වාර්තා වෙයි. ඒ වෙනුවෙන් පිලිගැනීමේ උත්සව සූදානම් කරන්නැයිද ඔහු විසින් බදුල්ල දිස්ත‍්‍රික්කයේ සිය දේශපාලන ක‍්‍රියාකාරීන්ටද දන්වා ඇති අතර ඇමතිවරයා ඊයේ ආගමික වැඩසටහන් කිහිපයකටද එක් විය.

ලයිස්තුවේ දෙවැනි අත්සන ඇමති එස්.බී. දිසානායක මහතා විසින් තබා ඇති අතර තුන්වැනි අත්සන ඇමති ජෝන් සෙනෙවිරත්න මහතා විසින් තබා තිබේ.

ඇමති දයාසිරි ජයසේකර මහතාගේ නිවසේ සිට අත්සන් ලබා ගනිමින් ඇත.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවේ සිටින සියළු දෙනා විසින් අත්සන් තැබෙන මෙම ලයිස්තුව අද පෙරවරුව වන විට ඒකාබද්ද විපක්‍ෂයේ සිටින සියළු මන්ත‍්‍රීවරුන්ද අත්සන් කිරීමට නියමිතය.

ඒ අනුව අත්මන් 96 කින් යුතු වන ලයිස්තුවේ 113ක බහුතරය පෙන්වීම සදහා එක්ත් ජාතික පක්‍ෂයේ හා වෙනත් පක්‍ෂවල පිරිසකගේ අත්සන් ලබා ගැනීම සිදුවනු ඇති අතර පස්වරුව වන විට ජනාධිපතිවරයා වෙත එය බාර දී සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම සදහා අනුමැතිය ඉල්ලා සිටීමට සූදානම් වෙමින් ඇත.

gossip lanka