Email

ඡන්ද පෙට්ටි සහ ඡන්ද පත්‍රිකා අද ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන්ට

හෙට (10) පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ඡන්ද පෙට්ටි සහ ඡන්ද පත්‍රිකා අද (09) උදෑසන වන විට ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් වෙත බෙදාහරින බව මැතිවරණ කොමිසම් සභාව පවසයි.

එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (08) පැවැති මාධ්‍ය හමුවකදී
ඡන්ද විමසීමේ සූදානම පිළිබඳ අදහස් පල කළේය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හෙට පෙරවරු 07.00 සිට පස්වරු 04.00 දක්වා සිදු කිරීමට නියමිතය.

තැපැල් පත්‍රිකා අඩංගු කවර අද ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් හරහා ඒ ඒ පළාත් පාලන ආයතන කොට්ඨාසවල නියමිත ඡන්ද කොට්ඨාසය වෙත යොමු කෙරෙයි.

ඡන්ද විමසීම අවසන් වූ පසු තැපැල් ඡන්ද  සහ ඡන්ද  ගණන් කිරිම ආරම්භ කිරිමට නියමිතය.

එක් ඡන්ද මධ්‍යස්ථානයක් පමණක් පවතින ඡන්ද කොට්ඨාසවල ප්‍රතිඵල එම ස්ථානයේදීම ප්‍රකාශ කරන බව මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

පළාත් පාලන ආයතන සඳහා තේරී පත්වන සභිකයින් සංඛ්‍යාව ගණනය කිරිම දිස්ත්‍රික් තේරීම් භාර නිළධාරින්ගේ කාර්යාල වලදී සිදු කිරිමට නියමිතය.

ඡන්ද විමසීම් රාජකාරි කටයුතු පැහැර  හරින රජයේ නිලධාරින්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බව ද මැතිවරණ කොමිසම් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

මේ අතර ඡන්දය භාවිත කිරිම සදහා සේවා ස්ථානයේ සිට තම ඡන්ද පොළට යා යුතු දුර ප්‍රමාණය අනුව දින  දෙකක් දක්වා අවම කාලයක් නිවාඩු ලබාදිය යුතු බව මැතිවරණ කොමිසම පවසයි.

ඡන්ද මධ්‍යස්ථානය කිලෝමිටර් 40ත් 100ක් අතරනම් එක් දිනක් ද කිලෝමිටර් 100ත් 150ත් අතර නම් දින එක හමාරක් ද කිලෝමිටර් 150ට වැඩිනම් දින දෙකක් ද අවම වශයෙන් නිවාඩු ලබාදිය යුතු වේ.


gossip lanka