Email

මෙවර මන්ත්‍රීන් ගණන 8325 ටත් වඩා වැඩි වෙයි!

මෙවර පළාත් පාලන මැතිවරණයේදී තෝරා ගැනීමට නියමිත අවම මන්ත්‍රී සංඛ්‍යාව 8325 ක්‌ වුවත් තේරී පත්වන මන්ත්‍රී සංඛ්‍යාව නිශ්චිතවම කිව නොහැකි බව මැතිවරණ කොමිසම පවසයි.

 නව මැතිවරණ ක්‍රමය අනුව මෙසේ පත්වන මන්ත්‍රී සංඛ්‍යාව දැනට
ප්‍රකාශිත අවම මන්ත්‍රී සංඛ්‍යාවට වඩා වැඩි විය හැකි බව අතිරේක මැතිවරණ කොමසාරිස්‌ එම්. එම්. මොහොමඩ් මහතා පැවසීය.

එක්‌ පළාත් පාලන ආයතනයකදී යම් පක්‍ෂයක්‌ ලබා ගන්නා ඡන්ද අනුපාතයට අනුව හිමිවිය යුතු මන්ත්‍රීන් ගණනට වඩා එම පක්‍ෂය එම පළාත් පාලන ආයතනයේ කොට්‌ඨාස ජයගෙන තිබුණහොත් එසේ ජයගත් සියලු දෙනාම සභාවට පත්කරන හෙයින් එම සභාවේ මන්ත්‍රී සංඛ්‍යාව ඉහළ යන බව ඒ මහතා කීවේය.

එය ඕනෑම පළාත් පාලන ආයතනයකට සිදුවිය හැකි බවද මොහොමඩ් මහතා සඳහන් කළේය.

එම නිසා මෙවර පළාත් පාලන මැතිවරණයේ දී පත්විය හැකි අවම මන්ත්‍රී ගණන 8325 ක්‌ ලෙස සඳහන් කරනවා මිස නිශ්චිත වශයෙන්ම පත්වන මන්ත්‍රී සංඛ්‍යාවක්‌ ප්‍රකාශ කළ නොහැකි බවත් ඇතැම් විට එම සංඛ්‍යාව ප්‍රකාශ කර ඇති ප්‍රමාණයට වඩා වැඩි විය හැකි බවත් මැතිවරණ කොමිසම පවසයි.

මන්ත්‍රී සංඛ්‍යාව 4486 සිට 8356 දක්වා ඉහළට :
ප්‍රථම වරට මිශ්‍ර ක්‍රමයට පවත්වන මෙම පළාත් පාලන මැතිවරණය සඳහා පළාත් පාලන ආයතන 341කට පත්විය යුතු සභිකයන් සංඛ්‍යාව ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය පසුගිය වසරේ (2017) නොවැම්බර් 11ද  නිකුත් කෙරුණි.

ඒ අනුව මෙතෙක් පළාත් පාලන ආයතන නියෝජනය කළ සභිකයන් සංඛ්‍යාව 4486 සිට 8356 දක්වා ඉහළ ගියේය. එය පළාත් පාලන මන්ත්‍රීවරු 3870කගේ වැඩිවීමකි.

 පළාත් පාලන ආයතන 340 ක්‌ වෙනුවෙන් හෙට (10 වැනිදා) මැතිවරණය පැවැත්වෙයි.




gossip lanka