Email

ඡන්දෙට ගමට යන්න විශේෂ බස් රථ සේවාවක්

2018 පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ ගමන් පහසුව උදෙසා ඊයේ (07) පස්වරු 4.00 සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ධාවන) පී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි මහතා පැවසීය.

එමෙන්ම මෙම විශේෂ බස් රථ සේවාව සඳහා  හෙට (09) උපරිම බස්
ප්‍රමාණයක් යෙදවීමට කටයුතු කරන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

ගම්බිම් බලා ගොස් නැවත කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් ද 11 සහ 12 යන දෙදින දිවයිනේ විවිධ ප්‍රදේශ වෙතින් විශේෂ බස් රථ යොදවා ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

gossip lanka