Email

අර්ජුන් සහ පලිසේන බන්ධනාගාර රෝහලට

ප‍්‍රශ්නගත බැදුම්කර ගණුදෙණුව සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාර කර සිටින අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන බන්ධනාගාර රෝහලට ඇතුළත කර තිබෙනවා. ඔවුන් දෙදෙනා මෙතෙක් රදවා සිටියේ කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ ඊ වාට්ටුවේයි. මේ වනවිට ඔවුන්
බන්ධනාගාර රෝහලේ අංක එක වාට්ටුවේ නේවාසිකව ප‍්‍රතිකාර ලබනවා.

අර්ජුන් ඇලෝසියස් මෙලෙස බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත්තේ ශ්වසන අපහසුතාවක් හේතුවෙන්. පවතින සීතල සහ දූවිලි නිසා ඔහුට මෙම ශ්වසන අපහසුතාව ඇති වී ඇතැයි වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙනවා. කසුන් පලිසේන රෝහල් ගත කර ඇත්තේ ශ්වසන අපහසුතාවක් මෙන්ම කොන්ද ප‍්‍රදේශයේ ඇති වූ ආබාධයක්ද සැලකිල්ලට ගෙනයි. දින ගණනාවක් බිම නිදා ගැනීමට සිදුවීමෙන් ඔහුට මෙම ආබාධය ඇති වී ඇතැයි වෛද්‍ය නිර්දේශය වී තිබෙනවා. ලබන බදාදා කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු ද පැමිණ අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන පරීක්‍ෂා කිරීමට නියමිතයි. ඔවුන් සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර ඉන් අනතුරුව තීරණය කරනු ඇති.

අර්ජුන් ඇලෝසියස් ප‍්‍රශ්නගත බැදුම්කර ගණුදෙනුවෙන් අයථා ලාභ ඉපැයූ බව කියන පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරුවායි. කසුන් පලිසේන එහි ප‍්‍රධාන විධායක නිලධාරිවරයා වනවා.



gossip lanka