Email

ඇලෝසියස් සහ කසුන් පලිසේන රිමාන්ඩ්

බැඳුම්කර වංචාවට සැකපිට අත්අඩංගුවට ගත් පර්පචුවල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන් අද (05) තෙක් රිමාන්ඩ් කරන ලෙස කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය ඊයේ (04) රාත්‍රී නියෝග කළාය.

ඔවුන් දෙදෙනා රහස් පොලිස් භාරයට ගනු ලැබුවේ ඉරිදා (04) උදෑසනය.
ඉන් පසු රහස් පොලිස් මූලස්ථානයට රැගෙන ගොස් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු රහස් පොලිසිය ඊයේ රාත්‍රී ඔවුන් කොටුව මහේස්ත්‍රාත් නිල නිවසට ඉදිරිපත් කළේය.

බැඳුම්කර වංචාවට අදාලව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන සැකකරුවන් බවට නම් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා අවසර ලබා දුන්නේය.

අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවේ ජීවත් වන අතර ලබන 15 වැනිදාට පෙර රහස් පොලිසියේ පෙනී සිටින්නැයි සිංගප්පූරුවේ අන්තර් ජාතික පොලිසිය හරහා මහේන්ද්‍රන් මහතාට නොතීසි යවන ලෙස අධිකරණය නියෝග කළේය.


gossip lanka