Email

ඊයේ පාර්ලිමේන්තුවේ වියදම මිලියන 8යි !

බැඳුම්කර විවාදය නොපැවැත්වී සභාවේ කටයුතු විනාඩි 40කට සීමා වුවද ඊයේ (20) පාර්ලිමේන්තු රැස්වීම වෙනුවෙන් වැයකෙරුණු මුදල රැපියල් ලක්ෂ 80කට ආසන්න යැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඒ එම විවාදය නොපැවැත්වුණද මන්ත්‍රීවරුන්ගේ වැටුප්, දීමනා, බන්ධන
පහසුකම්, විදුලිය, ආහාරපානාදිය වෙනුවෙන් සුපුරුදු පරිදි වියදම් දැරීමට සිදුවන නිසා බව පැවසේ.

පාර්ලිමේන්තුවේ වැඩි වැය බරක් දැරීමට සිදුවන්නේ විදුලිය හා ඉන්ධන වෙනුවෙන් යැයි ද වාර්තා වේ.

ආණ්ඩු හා විපක්ෂයේ මන්ත්‍රීලා ගොඩක් ඇබ්සන්ට් !

කෙසේවුවද, ඊයේ මේ විවාදය සඳහා පැමිණ සිටියේ කාලකට මදක් වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් බවද පැවසේ.

ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ පැමිණීම ද ඉතා දුර්වල බවත් වාර්තා වේ.

ඒ අතරින්, පෙරේදා (19) මෙන්ම ශ්‍රී ලංකානිදහස් පක්ෂයේ ප්‍රබල ඇමතිවරුන්ද දක්නට නොසිටි බව පැවසේ.

පාර්ලිමේන්තුවේ ඊයේ ප්‍රශ්න ඇසීමට නියමිතව සිටි මන්ත්‍රීවරුන්ද ඒවාට පිළිතුරුදීමට නියමිත ඇමතිවරුන්ද සිටියේ අතළොස්සක් බවද මේ අතර වාර්තා වේ.


gossip lanka