Email

දඩයක්කරුවන්ගෙන් වන ජීවී නිලධාරීන්ට ප්‍රහාරයක්

පොළොන්නරුව - හබරණ - හුරුළු පාරිසරික උද්‍යානයේ වැටලීමක් සඳහා ගිය වනජීවි නිලධාරීන්ට කිසියම් පිරිසක් විසින් පහරදී තිබෙනවා.
මෙම පහරදීමෙන් තුවාල ලැබූ වනජීවි නිලධාරීන් දෙදෙනෙකු හබරණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දඹුල්ල රෝහලට මාරු කර යවා ඇති බව සඳහන්.

හුරුළු පාරිසරික උද්‍යානයේ දීර්ඝ කාලයක සිට සිදුවන දඩමස් ජාවාරමක් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා රිටිගල වනජීවි ඒකකයේ නිළධාරීන් මෙම වැටලීමට එක්ව සිටියා.
කෙසේ වෙතත්, දඩමස් රැගෙන එම ජාවාරම්කරුවන් වන උද්‍යානයෙන් පිටතට පැමිණෙන අවස්ථාවේදී වනජීවි නිලධාරීන් මඟ හරස් කර තිබෙනවා.

එහිදී ජාවාරම්කරුවන්, වනජීවි නිලධාරීන්ට පහර දී ඇති අතර, එලෙස පහරකෑමට ලක්වී එක් වනජීවි නිලධාරියෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

පහරදීම සිදුවන අවස්ථාවේදීම වනජීවි නිලධාරීන් විසින් සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන හබරන පොලීසියට භාර දී තිබෙනවා.

gossip lanka