Email

මාලක සිල්වාට වරෙන්තුවක්

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චතුරිකා විමලසේන මහත්මිය අද(18) වරෙන්තු නිකුත් කර තිබේ.

2014 වසරේ දෙසැම්බර් මස සමාජ ශාලාවක දී බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට හා ඔහුගේ පෙම්වතියට පහර දී තුවාල සිදුකිරීම, බලහත්කාරකම් කිරීම යන
චෝදනා යටතේ කුරුඳුවත්ත පොලීසිය විසින් මාලක සිල්වා ඇතුළු පිරිසකට නඩු පවරා තිබුණි.

එම නඩුව අද දින කැඳවු අවස්ථාවේ දී සැකකාර මාලක සිල්වා මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටිම නිසා එලෙස වරෙන්තු නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය නඩුව ලබන මාර්තු 6 යළි කැඳවීමට ද නියෝග කර තිබේ.


gossip lanka