Email

ඌව පළාත් අධ්‍යාපන ලේකම්වරිය සහ 6 ක් අද මානව හිමිකම් කොමිසමට

බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ආර්. බවානි මහත්මිය දණ ගැස්සවීම සහ ඇයට බලපෑම් සිදුකර ප්‍රකාශයක් ලබා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකොට ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මිය සහ වග උත්තරකාර පාර්ශ්වයේ හය දෙනකුට අද (25) කොළඹ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ඌව පළාත් අධ්‍යාපන
ලේකම්වරිය, බදුල්ල පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, බදුල්ල පොලිස් ස්ථානාධිපති, ඌව පළාත් සභාවේ මාධ්‍ය ඒකකයේ මාධ්‍ය උපදේශක සහ එම ඒකකයේ තවත් සේවකයන් දෙදෙනකු මේ අනුව කැඳවා ඇති බව වාර්තා වේ.


gossip lanka