Email

බැඳුම්කරයේ දෙවන මෙහෙයුම ඇරඹේ

බැඳුම්කර වාර්තාව සහ බරපතල වංචා විමර්ශන කොමිසන් සභාව ඉදිරිපත් කළ වාර්තා සම්බන්ධයෙන් සියලූ පාර්ශව කැඳවා ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අද දිනයේ තමා උපදෙස් ලබාදුන් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසිය.

ඇල්පිටිය නගරයේ ඊයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන
මැතිවරණ ප්‍රචාරක රැලියකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂවරයා, මහ බැංකු අධිපති, නීති විශාරදයින් කැඳවා මේ පිළිබඳ උපදෙස් ලබාදුන් බවයි.

එමෙන්ම පෙරේදා දිනයේ කැබිනට් මණ්ඩලයටද ධම්ම පදය උපයෝගී කරගනිමින් තමන් දේශනයක් පැවැත්වූ බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඒ අනුව අකුසල් කිරීමෙන් ඇතිවන ප්‍රතිඵලද කැබිනට් මණ්ඩලයට පෙන්වා දුන් බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

gossip lanka