Email

ඒකාබද්ධයේ රංජිත්ට ශ්‍රීලනිප තනතුරු අහිමිවෙයි - මෛත්‍රී උපාලිව පත් කරයි

රත්නපුර දිස්ති‍්‍රක්කයේ රක්වාන ආසනයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන සංවිධායකවරයා ලෙස ජී. කේ. උපාලි චන්ද්‍රසේන මහතා පත්කර තිබේ.

ඒ මහතා අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

මීට පෙර රක්වාන ආසනයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන
සංවිධායකවරයා ලෙස කටයුතු කළ රංජිත් සොයිසා මහතා එම ධූරයෙන් ඉවත් කර තිබෙන අතර, ඒ වෙනුවෙන් මෙම නව පත්වීම සිදුකර තිබේ.

එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරයි.




gossip lanka