පොලිතීන් තහනම් කළ බරත් ජනතා පිටට

"පොලිතින් තහනමෙන් පාරිභෝගිකයන් හට අමතර වැයක්‌ දැරීමට සිදුවුණා" යෑයි සමස්‌ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.

මෙම තහනම නිසා ශත 25 ට තිබූ කරි බෑග් එක ශත 75 ක්‌, රුපියලට තිබූ ෂොපින් බෑග් එක රුපියල් 3 ක්‌ හෝ 4 ක්‌ වීම සහ රුපියලට තිබූ ලන්ච්
ෂීට්‌ එක රුපියල් 3-4 දක්‌වා ඉහළ යාම නිසා ජනතාවට අමතර වැයක්‌ දැරීමට සිදුවන බව ඔහු පෙන්වා දුන්නේය.

රජය නීති දැම්මත් ඒවා නිසි ලෙස ක්‍රියාත්මක කෙරේදැයි ජනතාවට විශ්වාසයක්‌ නොමැති බවත් මෙයද වචනයට පමණක්‌ සීමා වුවහොත් ජනතාවට අමතර බරක්‌ දැරීමක්‌ පමණක්‌ සිදු විය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙවැනි දේවල්වලට රටේ ජාතික ප්‍රතිපත්තියක්‌ තිබිය යුතු බවත් එසේ නොවන සෑම අවස්‌ථාවකම බලයට පැමිණෙන පුද්ගලයාට අනුව නීතිය වෙනස්‌ වන බවත් කී ඒ මහතා මේ සම්බන්ධයෙන් රටේ බලධාරීන් ක්‍රියාකරන ආකාරය පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිට ජනතාව දැනුවත් කරන බවත් වැඩිදුරටත් කියා සිටියේය.




Previous Post Next Post