Email

ජනාධිපතිවරයාගේ ධුර කාලය ගැන නීතිඥ සංගමයේ තීරණය අද

සිය ධූර කාලය සම්බන්ධයෙන්  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශේ්්‍රෂ්ඨාධිකරණයෙන් සිදුකල මත විමසුම සම්බන්ධයෙන්  නීතිඥ සංගමයේ තීන්දුව අද ප්‍රකාශයට පත්කිරීමට  නියමිතයි.

සිය ධුර කාලය පිළිබද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්
පසුගිය 09 වනදා ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසිමක් සිදුකර තිබුණා.

මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛාධිකාරි විසින් නීතිමය සංගමයේ සභාපති යු.ආර්. ද සිල්වා මහතා දැනුවත් කර ඇති අතර ඒ අනුවයි නීතිඥ සංගමයේ මත විමසුම සිදුවන්නේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 වසරේදි ජයග්‍රහණය කිරිමෙන් අනතුරැව දිව්රැම් දෙනු ලැබුවේ පැරණි ව්‍යවස්ථාව අනුවයි.

එම ව්‍යවස්ථාව අනුව මෙරට තේරිපත්වන ජනාධිපතිවරයෙකු සදහා වසර 6ක කාලයක් එම ධුරයේ රැදී සිටිමට අවස්ථාව හිමිවනවා.

කෙසේවෙතත් නව ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයෙකුගේ ධුර කාලය වන්නේ වසර 5 ක් පමණයි.

gossip lanka