"ඡන්දෙට පෙර මේ ගැනත් හිතන්න" - මහින්ද දේශප්‍රිය

පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය භාවිත කළ යුත්තේ අදාළ පක්ෂ ලාංජනය ඉදිරියේ එක් කතිරයක් සලකුණු කිරීමෙන් පමණක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

නව ක්‍රමවේදය යටතේ පළමු වතාවට පැවැත්වෙන පළාත් පාලන
මැතිවරණය සම්බන්ධව ඊයේ (18) පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“තැපැල් ඡන්ද ලකුණු කරනවා පොලිස් ස්ථානවල හා කච්චේරියේත්, මැතිවරණ කාර්යාලයේදීත් ලබන 22 වෙනිදා. සඳුදා. සෙසු රජයේ කාර්යාලවල තැපැල් ඡන්ද ලකුණු කිරීම 25සහ 26 වන දිනවල සිදු කෙරෙනවා. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට අද භාර දුන්නා. එයිට අමතරව ඡන්ද නීති සුරකිමු. ඒ වගේම මෙම සහනාධාරය රජයේ ප්‍රතිපාදන වලින් ජනතා මුදලින් ලබා දෙන්නකි. එබැවින් මේ වෙනුවෙන් කිසිම දේශපාලන පක්ෂයකට හෝ දේශපාලඥයකුට විශේෂ බැඳීමක් ඇති කර ගත යුතු නැත. මේක තමයි වැදගත්ම එක. මෙම මාර්ගය ඉදි කර ඇත්තේ රජයේ / පළාත් සභාවේ ප්‍රතිපාදනවලිනි, එබැවින් මේ වෙනුවෙන් කිසිම දේශපාලන පක්ෂයකට හෝ දේශපාලඥයකුට විශේෂ බැදීමක් ඇති කර ගත යුතු නැත. වැදගත්ම කරුණ ඡන්ද ප්‍රකාශ කළ යුත්තේ එකම එක කතිරයක් පමණක් යෙදීමෙනි. කතිරයේ බලය භාවිතා කරන්න. ඡන්දය විමසීමේ දිනයට පැය 48කට පෙර සිට බෝධි පුජා හරහාවත්, සමාජ ජාල මාධ්‍ය හරහා හෝ දුරකථන හරහා ඡන්ද ආයාචනා කිරීම හා ප්‍රචාරක දැන්වීම් ප්‍රදර්ශනය කිරීම තහනම් කරලා තියෙනවා.”

“මට චෝදනා කරනවා මහ ලොකුවට කයිවාරු ගැහුවා, ඔලුවට වෙඩි තියනවා කිව්වා. කරන්නේ නැහැ මොකක්වත්. අපි දැන් වාහනේ බ්‍රේක් කරලා බිමට බැහැලා තියෙන්නේ. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නැමැති භූතයා ඉන්නේ බෝතලේ ඇතුළේ ඇබේ ගහලා. නමුත් තවත් භූතයෝ භූත බීජ වලින් පැළවෙන්න පුළුවන්. ඒක වලක්වන්න ඔබේ සහය අවශ්‍යයි.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.



Previous Post Next Post