Email

ලලිත්ව රට අරින්න උසාවියෙන් අවසර ඉල්ලයි

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා විදේශගත වීමට කොළඹ මහාධිකරණයෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය ලබන 29 වැනිදා අධිකරණයට දැනුම්දෙන මෙන් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියම කළේය.

ලලිත් වීරතුංග මහතාට පසුගිය ජනාධිපතිවරණ සමයේ සිල් රෙදි බෙදා
දුන්නේ යැයි චෝදනාවක් එල්ල වූ අතර එහිදී වරදකරු වූ ඔහුට සිර දඩුවම් නියම වී පසුව ඇප මත මුදා හැරිණි.

එහිදී ඔහුගේ විදෙස් ගමන් තහනම් කර විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට බාර දෙන ලෙස ද නියෝග කෙරිණි.

පෞද්ගලික සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියාවටද , ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් පවත්වන වැඩමුළුවකට සහභාගී වීම සඳහා දෝහා කටාර් රාජ්‍යයට යාමට වීරතුංග මහතා අධිකරණයෙන් අවසර ඉල්ලා ඇත.


gossip lanka