Email

කතරගම යුද පිටියක් වෙයි… පොලීසිය කදුළු ගෑස් ගහයි.. 59ක් අත්අඩංගුවේ.. (Video)

ප‍්‍රදේශවාසියෙකුට වෙඩි තබා මරා දැමීමට විරුද්දව කතරගම නගරයේ විරෝධතාවක නිරත වූ පිරිසක් පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර විසුරුවා හැර ඇත.

එහිදී සැකකරුවන් 59 කාන්තාවන් 15ක්ද ඇතුළුව පොලිස් අත්අඩංගුවට
ගෙන ඇත.

පෙරේදා රාත‍්‍රියේ පොලීසිය විසින් යතුරුපැදිකරුවෙකුට වෙඩි තැබීමෙන් මිය ගිය අතර ඊට විරෝදය පල කරමින් විරෝධතාකරුවන් මහ පාරේ ටයර් පුළුස්සමින් විරෝධතාවයේ යෙදෙුනහ.

වෙඩි තැබීම සිදු කල පොලිස් නිලධාරියා මේ වන විට රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.

ඊයේ රාත‍්‍රියේත කතරගම පොලීසිය ඉදිරිපිට ඇතිවූ නොසන්සුන්තාව පාලනය කිරිම සදහා පොලීසිය කදුළු ගැස් ප‍්‍රහාරයක් එල්ල කලේය.

gossip lanka