Email

ජෙයරාජ් ඝාතන නඩුව යළි කල්යයි

වැලිවේරිය ක්‍රිඩාංගණය අසලදී 2008 වර්ෂයේ අප්‍රේල් 04වැනි දා මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු යොදා ගෙන හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතා ඇතුළු 16දෙනෙකු ඝාතනයට අදාල නඩුව මාර්තු 20වැනිදා තෙක් යළි කල් තබා ඇත.

ගම්පහ පළාත් බද සිවිල් අභියාචනාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති
මහත්මිය හමුවේ ඊයේ (16) මෙම නඩුව කැඳවූ අවස්ථාවේ නඩුවට අදාළ සාක්ෂිකරු අධිකරණය හමුවේ පෙනී නොසිටිම හේතුවෙන් නඩුව මෙසේ කල් දමා තිබේ.

මොහොමඩ් අලිහසන් අන්සර් නැමැති සාක්කිකරු අසනීප තත්වයෙන් පසුවන බව පොලිසිය මාර්ගයෙන් දැනුම් දී අති බව පැමිණිල්ල මෙහෙයවන රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

gossip lanka