පොදු දේපල පනත යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය පැන වූ අතුරු තහනම් නියෝගය පෙබරවාරි මස 15 වැනිදා දක්වා අද යළි දීර්ඝ කෙරුණා.
ඒ, ඊට අදාළ පෙත්සම අභියාචනාධිකරණ සභාපති ප්‍රීති පද්මන් සූරසේන
සහ ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන් හමුවේ අද සලකා බැලූණු අවස්ථාවේදීයි.
ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී මුදල් අවභාවිතයක් සිදුව ඇතැයි පවසමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පොදු දේපල පනත යටතේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.
නඩුව යළි පෙබරවාරි 14 වනදා කැදවීමට නියමිතයි.

Tags
slide