Email

රාජගිරියේදී උඩින් ගිය කිරිඇල්ල ගනේමුල්ලේදීත් උඩින් යයි

ගම්පහ දිස්ත‍්‍රික්කයේ පිහිටි ප‍්‍රධානතම වාණිජ නගරයක් වන ගනේමුල්ල නගරයේ ඉදිකෙරුණු ගුවන් පාලම ඊයේ (11 දා)දින උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

ගනේමුල්ල දුම්රිය ස්ථානය හේතුවෙන් දැඩි වාහන තදබදයක්
නිරන්තරයෙන් නගරය තුළ පවතින බැවින් මෙයට පිළියමක් ලෙස දුම්රිය මාර්ගය හරහා ස්පාඤ්ඤ ගුවන් පාලම් ව්‍යාපෘතිය මඟින් මෙම ගුවන් පාලම ඉදි කෙරිණි.

මීටර 300 ක දිගින් යුතු පිවිසුම් මාර්ගයත් සමඟ ගනේමුල්ල ගුවන් පාලමේ සම්පූර්ණ දිග මීටර 504 කි. මංතීරු 02 ක් සහිතව ඉදිකරන මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 1,768.21 වැය වී ඇත. ගනේමුල්ල දුම්රිය මාර්ගය හරහා දෛනිකව දුම්රිය වාර 154 ක් ගමන් කරන බැවින් පැය 03 ක පමණ කාලයක් ප‍්‍රධාන මාර්ගය වසා තබයි. එමගින් ඇතිවූ වාහන තදබදය නිසා ප‍්‍රවාහන ජාලයේ ඇති වූ අසීරුතාවය මෙම ගුවන් පාලම ඉදිකිරීමත් සමඟ පහව යයි.

මෙම ඉදිකිරීම සඳහා මාස 20 ක පමණ කාලයක් වැයවිය.

gossip lanka