පාපන්දු ලෝක කුසලානය අද ශ්‍රී ලංකාවට (PHOTOS)

මේ වසරේදී රුසියාවේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සමගාමීව එහි ජයග්‍රාහකයන් වෙනුවෙන් ලබා දෙන ලෝක කුසලානය ලෝකයේ රටවල්වල ප්‍රදර්ශනය කිරීමට සමගාමීව එම කුසලානය ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිතය.

ඒ සඳහා විශේෂිත ගුවන් යානයක් සූදානම් කර ඇති අතර අද සවස කුසලානය රැගෙන එම යානය කටුනායක ගුවන් තොටුපළට ළඟා වීමට
නියමිතය. රටවල් 51ක් තුළ ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද රාත්‍රියේ කුසලානය මහ ජනතාවට ප්‍රදර්ශනය කිරීම නිල වශයෙන් සිදු කිරීමට නියමිතය. හෙට එය මහජනතාවගේ දැක ගැනීම වෙනුවෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ තැබීමට නියමිතය.

Previous Post Next Post