Email

පළමුවරට මහ ඇමතිවරයෙක් මානව හිමිකම් කොමිසමට කැඳවයි

බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණගැස්වීම පිළිබඳ සාක්ෂි විභාගයක් සඳහා ඌව පළාත් ප්‍ර‍ධාන අමාත්‍යචාමර සම්පත් දසනායක මහතා පෙබරවාරි 01වැනිදා පෙ.ව.9.30ට මානව හිමිකම් කොමිෂන් සභාවට කැඳවා තිබේ.

ලංකා ඉතිහාසයේ පළාත් ප්‍ර‍ධාන අමාත්‍යවරයෙකු හෝ කැබිනට්
අමාත්‍යවරයෙකු මානව හිමිකම් පැමිණිල්ලක් සඳහා කොමිෂන් සභාව වෙත නමින් කැඳවා ඇත්තේ ඉතිහාසයේ පළමු වතාවටය. කොමිෂන් සභාව සතු බලය යටතේ කොමිෂන් සභාව විසින්ම මෙහෙයවන විමර්ශනයක් ලෙස ඇරඹි මෙම පැමිණිලි විභාගයට ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් සහ ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් මහත්වරුන් පැමිණිලිකරුවන් ලෙස ඉදිරිපත් වීතිබේ. ඉකුත්දා (25දා) පැවැති සාක්ෂි විමසීමේදී ඌව පළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වල, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ හා ඌව පළාත් සභාවේ මාධ්‍ය ඒකකයේ සේවකයන්ගේ සාක්ෂි සටහන් කරගනු ලැබිණි.

gossip lanka