Email

බැඳුම්කරය ගැන පාර්ලිමේන්තු විවාදයේ අවසන් දින තීන්දුව අද

පළාත් පාලන ඡන්ද විමසීමට පෙර බැඳුම්කර සහ බරපතළ වංචා දූෂණ ජනාධිපති කොමිෂන් වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්විය හැකි ද යන්න පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කතානායකවරයා විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.

අද දහවල් 12.00ට කතානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන්
මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිතයි.

මෙම පක්ෂ නායක රැස්වීම සඳහා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ද සහභාගී වන ලෙස ආරාධනා කර ඇති බව කතානායක කාර්යාලය සඳහන් කළේය.

බැඳුම්කර සහ බරපතළ වංචා දූෂණ ජනාධිපති කොමිෂන් වාර්තා පිළිබඳ විවාදය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට පෙර පවත්වන ලෙස ජනාධිපතිවරයා පසුගියදා ප‍්‍රකාශ කළේය.

ඒ අනුව එම විවාදය පෙබරවාරි මස 8 වන දින පවත්වන ලෙසට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද ප‍්‍රකාශ කරනු ලැබීය.

අදාළ විවාදය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට පෙර පැවැත්විය හැකි ද යන්න පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇති අතර එහිදි ඒ පිළිබඳව අවසන් එකගතාවයකට පැමිණීමට නියමිත බව කතානායක කාර්යාලය සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂය ද මැතිවරණයට පෙර අදාළ විවාදය පවත්වන ලෙසට ඉල්ලීම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කළේය.

gossip lanka