Email

ජනපති ධූර කාලය වසර 6 ක් බව නීතිපති කියයි

තමාට වසර 6ක් සිය ධූරයේ කටයුතු කළ හැකිදැයි යන්න පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කළ විමසීම මේ වන විට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග වෙමින් පවතී .

එහිදී 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පෙර ජනාධිපතිවරයා 2015 ජනවාරි 9 වැනිදා අවුරුදු 6 ට ජනාධිපති ධූරයේ වැඩ භාරගෙන ඇති
බැවින් 19 ව්‍යවස්ථා සංශෝධනයේ අවුරුදු 5 කට ජනාධිපති ධූර කාලය සීමා කිරීම බල නොපාන බව නීතිපතිවරයා පවසා තිබේ.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අතීතයට බලපාන නීතියක් නොවන බව මෙහිදී නීතිපතිවරයා සඳහන් කර ඇත.


gossip lanka