දුම්රිය වර්ජනයේ නිරත සේවකයින්ට ඇමතිගෙන් රතු එළියක්

දුම්රිය වර්ජනයේ නිරත සේවකයින් සේවයට වාර්තා නොකළ හොත් ඔවුන් සේවය අතහැර ගියා සේ සැලකීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට
එක්වෙමින්.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ රාත්‍රියේ දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයකට ද අත්සන් තබනු ලැබුවා.

මේ අතර, අදාළ වර්ජනය සම්බන්ධයෙන් දුම්රිය වෘත්තිය සමිති අතර විශේෂ සාකච්ඡාවක් ද මේ වන විට පැවැත්වෙනවා.


Previous Post Next Post