මෙරට තේ ඇතුලු කෘෂිකාර්මික නිෂ්පාදන ආනයනය කිරිමේදී තාවකාලික තහනමක් පැනවිමට රුසියාව තීරණය කර තිබෙනවා.
ඒ ශ්‍රී ලංකාවෙන් ආනයනය කළ තේ ඇසුරුමකින් කෘමියෙකු හමුවීම හේතුවෙන්.
එරට තේ නිෂ්පාදන බෙදා හරින්නන් විසින් සිදුකළ පැමිණිල්ලක් මත
මෙම තිරණය ගෙන ඇති අතර දෙසැම්බර් 18 වනදා සිට එම තහනම ක්‍රියාත්මක වනු ඇති.
රොයිටර් පුවත් සේවය සදහන් කළේ මෙරට තේ අපනයනයෙන් සියයට 23ක් රුසියාවට යැවෙන බවයි.
වසරේ ගතවු මුල් මාස 10 තුළ තේ මෙට්‍රික් ටොන් එක්ලක්ෂ හතළිස් එක්දහස් තුන්සියක් රැසියාවට අපනයනය කර ඇති අතර එහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 436 ක්.

Tags
slide