රුසියාවෙන් ශ්‍රී ලංකාවට පනවා තිබුණු තේ අපනයන තහනම දෙසැම්බර් 30 වන දා සිට ඉවත් කිරීම මේ වන ලංකාවේ ජනමාධ්‍ය මාධ්‍ය විසින් උත්සවශ්‍රීයෙන් සමරමින් සිටී. එහෙත් ඔවුන් නොදන්නා යතාර්ථය වන්නේ රුසියාව මේ හරහා එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු බාගෙන
ඇති බවත් ශ්‍රී ලංකාව මීට අදාළ සිදුවීම නිසා බරපතළ රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට මැදිව ඇති බවත්ය.
බොහෝ දෙනෙකු සිතා සිටින්නේ රුසියාව විසින් ශ්‍රී ලංකාවට තේ අපනයන තහනමක් පැනවූයේ තේ ඇසුරුම් බහාලුමක සිටි කුරුමිණියකු නිසා බවය. එහෙත් තේ තහනමට මූලික හේතුව වූයේ මැනෝකින් ෆැර්ඩෝව් නම් රහස් ඔත්තුකරුවා පිළිබඳ ප්රශ්නයයි. රුසියානු ජාතික මැනෝකින් ෆැර්ඩෝව් ජාත්‍යන්තර මූල්‍ය අපරාධකරුවකු වශයෙන් නම් කොට ඇමරිකාව විසින් ඔහුව අත් අඩංගුවට ගෙන තමන්ට භාර දෙන්නැයි ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබිණි. ඒ මොහොතේ රුසියාව විසින් ද ඔහුව තමන්ට භාරදෙන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීම් කර තිබිණි. "ඇමරිකාව සහ රුසියාව අතර රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට ශ්‍රී ලංකාව මැදිවෙයි" මැයෙන් අපි මේ පිළිබඳව හෙළිදරව් කළෙමු.
මෙම මැනෝකින් නමැත්තා ඇමරිකානු ජනාධිපතිවරණයේදී රුසියාව විසින් යෙදවූ සයිබර් අපරාධකරුවකු ලෙස ක්‍රියා කළ බවට ද තොරතුරු වාර්තා වී තිබිණි. එහෙයින් ඇමරිකාවට දැඩි ලෙස අවශ්‍ය වී තිබුණේ ඔහුව ශ්‍රී ලංකා රජය ලවා තම රටට ගෙන්වා ගැනීමටය. ඔවුන් ඒ සඳහා ජාත්‍යන්තර රතු වරෙන්තුවක් ද ලබාගෙන තිබිණි. ශ්‍රී ලංකා රජය විසින් ඔහුව අත් අඩංගුවට ගත් නමුත් ඇමරිකාවට භාර කෙරුණේ නැත.
රුසියානු තේ තහනම කරළියට ආවේ මේ අතරය. රජය මුලින්ම ඒ සඳහා ඇස්බැස්ටෝස් ආනයන තහනම ඉවත් කර මුට්ටිය දමා බැලුවේය. ශ්‍රී ලංකාවේ ප්‍රධානම ඇස්බැස්ටෝස් ආනයනකරු වූයේ රුසියාවයි. එහෙත් සාර්ථක වූයේ නැත. අවසානයේ මැනෝකින් නම් රුසියානුවා ආපසු රුසියාවට යැවීමට රජයේ ඉහළම බලවතෙක් මැදිහත් වී තිබේ. ඒ බව ආගමන විගමන නිලධාරීන් ද තහවුරු කරති. තේ තහනම ඉවත් වන්නේ ඔහු ආපසු රුසියාවට ගිය පසුය. රුසියාව මේ තේ තහනම හරහා තම ඔත්තුකරුවාත් ආපසු ලබාගෙන ඇස්බැස්ටෝස් තහනමත් ඉවත් කරගෙන ඇත.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ඇමරිකාව පසුවන්නේ ශ්‍රී ලංකාව සමඟ දැඩි කෝපයෙනි. ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරයාගේ දැඩි දෝෂදර්ශනයට නීතිය හා සාමය පිළිබඳ ඇමති සාගල රත්නායක සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලක්වී තිබේ.

Tags
slide