රන්ජන්ට ජනපතිගෙනුත් කැපිල්ලක්..!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දිවුලපිටිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සම සබාපති පදවිය දැරූ සමාජ සුබසාධන හා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා එම පදවියෙන් ඉවත් කර ඇත.

ඒ වෙනුවට හිටපු පළාත් සභා මන්ත්‍රී දිවුලපිටිය එක්සත් ජාතික පක්ෂ
සංවිධායක කිත්සිරි මංචනායක මහතා පත්කර ඇත.

දිවුලපිටිය එජාප සංවිධායක ධූරය දැරූ රන්ජන් රාමනායක මහතා පසුගිය දා එම තනතුරෙන්ද ඉවත් කර තිබිණි.

Previous Post Next Post