ගුවන් යානා ඉන්ධන නෞකාව දෙවන තත්ත්ව පරීක්ෂාවෙන් සමත් වෙයි

ප්‍රමිතියෙන් තොර බවට විවිධ වාර්තා පළවූ ගුවන් යානා ඉන්ධන මෙටි්‍රක් ටොන් 14,000 ක් රැගත් අයි. ඕ.සී. නෞකාවේ ඉන්ධන දෙවන තත්ත්ව පරීක්ෂාවේදී නියමිත ප්‍රමිතියෙන් යුක්ත බව තහවුරු වී තිබෙනවා.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින්
සදහන් කරන්නේ අදාළ නෞකාව සම්බන්ධයෙන් පතුරන ව්‍යාජ තොරතුරු බැහැර කරන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ සංරක්ෂිත තොග පවත්වාගෙන යාම සදහා මෙට්ට්‍රික් ටොන් 14, 000ක ගුවන් යානා ඉන්ධන තොගයක් ලංකා අයි. ඕ. සී. සමාගමෙන් මිලදී ගැනීමට තීරණය කල බවයි.

පසුගිය 10 වැනිදා ඉන්ධන තොගය රැගත් නෞකාව කොළඹ වරායට ලගාවු අතර  එම නෞකාවේ ඉන්ධන සම්බන්ධයෙන් සිදු කළ පළමු සාම්පල පරීක්ෂාවේදී නියමිත ප්‍රමිතියෙන් අනුකූල නොවන බවට වාර්තා වුණා.

ඒ එම ඉන්ධනවලට නෞකාවේ මලකඩ මුසුව තිබිම හේතුවෙන්.

ඉන් අනතුරැවයි දෙවැනි සාම්පල පරීක්ෂාව පසුගිය 17 වැනිදා සිදු කරනු ලැබුවේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණ කරන්නේ එම ඉන්ධන තොගයේ ප්‍රමිතිය ඉහළ මට්ටමක පවතින බවයි.

Previous Post Next Post