ඩෙංගු රෝගය වැළඳුණු තරුණ විවාහකයකු මීගමුව රජයේ රෝහලට ඇතුළත් කරන ලෙසට වෛද්‍යවරයකු විසින් නිර්දේශ කළත් එය නොතකා එම විවාහකයා මීගමුවේ ප්‍රධාන පෞද්ගලික රෝහලකට ඇතුළත් කර දින දෙකකට පසු රෝගය උත්සන්න වී මියයැමේ සිද්ධියක් මීගමුව හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය කීර්ති සිරි ජයන්ත වික්‍රමරත්න
මහතා හමුවේ පැවැති මරණ පරීක්ෂණයකදී අනාවරණය විය.
අවාසනාවන්ත ලෙස ඩෙංගු රෝගයෙන් මරණයට පත්ව ඇත්තේ මීගමුව බෝලවලාන මාවතේ පදිංචිව සිටි එල්. එච්. කුමරු ද සිල්වා නමැති 35 හැවිරිදි විවාහකයාය.
මරණ පරීක්ෂණයේදී මියගිය අයගේ බිරිඳ වන එම්. නිමේෂා නදිශා කුරේරා (27) මහත්මිය සාක්ෂි දෙමින් මෙසේ කීවාය.
ඩෙංගු වැළඳී මියගොස් ඇත්තේ මගේ විවාහක සැමියා. අපිට දරුවන් නැහැ. ඔහු වතු පාලනයට සම්බන්ධ රැකියාවක නිරතව සිටියා. සැමියාට පසුගියදා උණ වැළඳුණා. පසුව අපි ඔහු පෞද්ගලික වෛද්‍යවරයකු ළඟට රැගෙන ගියා.
ඔහු පරීක්ෂා කර වෛද්‍යවරයා කිව්වා ඩෙංගු රෝගී ලක්ෂණ තිබෙනවා. වහාම මීගමුව රජයේ රෝහලට ඇතුළත් කරන්න කියලා. ඒත් අපි එම උපදෙස්වලට පටහැනිව මගේ සැමියාව මීගමුවේ ප්‍රධාන පෞද්ගලික රෝහලට ඇතුළත් කළා. පසුව එම රෝහලේ සැමියා දින දෙකක් රැඳී සිටියා. දින දෙකෙන් පසුව සැමියා වහා මීගමුව රෝහලට ඇතුළත් කරන්න යෑයි පෞද්ගලික රෝහලෙන් උපදෙස් දුන්නා.
ඒ අනුව සැමියා මීගමුව රජයේ රෝහලට රැගෙන එද්දී ඔහු අසාධ්‍ය තත්ත්වයෙන් පසු වුණා. පසුව ඔහු මීගමුව රෝහලේදී මිය ගියා.
මෙහිදී ඉදිරිපත් වූ සාක්ෂි සහ වෛද්‍ය සාක්ෂි අනුව එම මරණය ඩෙංගු වැළඳීමෙන් සිදු වූ මරණයක් බවට මරණ පරීක්ෂකවරයා විසින් නිගමනය කරන ලදි.

Tags
slide