පාතල නායක මාකඳුරේ මදුෂ්ගේ ගෝලයින් කොටුවෙයි - HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

hotnews.lk Latest Hot News and Gossip Updates from Sri Lanka.

gossip lanka

පාතල නායක මාකඳුරේ මදුෂ්ගේ ගෝලයින් කොටුවෙයි

ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාල කණ්ඩායම් නායකයෙකු වන දැනට විදේශගතව සිටින මාකඳුරේ මදුෂ් සමග ඍජුව සම්බන්ධතා පැවැත්වු අයෙකු සහ තවත් 7 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජයවර්ධනපුර විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් සහ
සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් ලැබුනු තොරතුරකට අනුව මීගමුව දාගොන්න ප්‍රදේශයේ නිවසකදීයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් සතුව තිබී ගිනි අවියක් / මැගසිනයක් / ජීව උණ්ඩ 6 ක් / ජීව අත් බෝම්බයක් / හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 150 ක් / මන්නා පිහියක් / කඩුවක් / ටී 56 උණ්ඩ 6 ක් සහ කේරළ ගංජා ග්‍රෑම් 940 ක් සොයාගෙන තිබෙනවා.

අවුරුදු 31 / 48 / 24 / 47 / 19 / 35 සහ 28 වයස්වල පසුවන සැකකරුවන් ලුණුවිල / දාගොන්න / උඩුගම්පළ / කඹුරුගමුව / මිනුවන්ගොඩ සහ කටුනායක ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔවුන් හෙට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය වැඩිදුර විමර්ශණ මෙහෙයවනවා.