Email

තැපෑල කෑම නොකා උද්ඝෝෂණය කරයි

සිය ඉල්ලීම්වලට රජය මෙතෙක්‌ නිසි ප්‍රතිචාර නොදැක්‌වීම නිසා දිවයින පුරා ප්‍රධාන නගරවල ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණු සාමාජිකයන් අද (27 වැනිදා) දහවල් කෑම පැයේ උද්ඝෝෂණයක නිරත වන බව එම පෙරමුණු සම කැඳවුම්කරු කේ. එම්. චින්තක බණ්‌ඩාර මහතා පවසයි.

තැපැල් දෙපාර්තමේන්තුවට සේවකයින් බඳවා ගැනීමේ සහ උසස්‌ කිරීමේ
කටයුතු නිසි ක්‍රමවේදයකට අනුව සිදු කරන ලෙස ඉල්ලා මෙම විරෝධතාවය දක්‌වන බවත් ඊට නිසි ප්‍රතිචාර නොලැබුණහොත් ලබන සතියේ අඛණ්‌ඩ වැඩවර්ජනයකට යොමුවන බවත් ඒ මහතා සඳහන් කළේය.


gossip lanka