උතුරු පළාතේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා රුපියල් මිලියන 90ක පමණ මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට ජපන් රජය තීරණය කර තිබෙනවා.
ජපානයේ මානව ආරක්ෂා ව්‍යාපෘතිය යටතේ මෙම මුදල ශ්‍රී ලංකාවට ලබා
දීමට නියමිතයි.
මෙමගින් රට අභ්‍යන්තරයේ අවතැන් වූ පුද්ගලයන්ට ජීවත්වීම සඳහා බිම් බෝම්බවලින් තොර ආරක්ෂිත ප්‍රදේශ ස්ථාපිත කිරීමටත්, නැවත පදිංචිය සඳහා සුදුසු ස්ථාන ඇති කිරීමේ ශ්‍රී ලංකා රජයේ උත්සහායට සහයෝගය දැක්වීමටත් බලාපොරොත්තු වන බව ජපන් රජය ප්‍රකාශ කර තිබෙනවා.
එරට රජය 2003 වසරේ සිට මේ දක්වා උතුරු හා නැගෙනහිර පළාත්වල බිම්බෝම්බ ඉවත් කිරිමේ කටයුතු සඳහා ශ්‍රී ලංකාව වෙත ලබා දී ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 32ක්.

Tags
slide