ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් ගංවතුර තර්ජන හේතුවෙන් දැඩි පීඩාවට

ඉන්දියාවේ වෙසෙන ශ්‍රී ලාංකික සරණාගතයින් 9,000 ක් පමණ වෙල්ලොර් හා අබ්දුල්ලපුරම් යන ප්‍රදේශවලට එල්ල වී තිබෙන ගංවතුර තර්ජනය හේතුවෙන් දැඩි අපහසුතාවයකට පත්වී ඇති බව වාර්තා වනවා.
මෙම සරණාගතයින් ජීවත්වන ගම්මාන වටා ඇති උක් හා වී වගාවන් ද ඊයේ රාත්‍රිය වන විට ජලයෙන් යට වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා පැවසුවේ.

තමන්ට සහන සලසන ලෙස ශ්‍රී ලාංකික සරණාගතයින් ඉන්දීය ප්‍රන්ත බලධාරින්ගෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා.

ඒ අනුව මේ වන විට එම සරණාගතයින් පිරිසට සහන සැලසීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ.
ශ්‍රී ලාංකික සරණාගතයින් ලක්ෂ තුනකට වැඩි සංඛ්‍යාවක් ඉන්දියාවේ විවිධ ප්‍රදේශ වල ජීවත් වූ අතර ඔවුන්ගේන් මේ වන විටත් සරණාගතයින් 60, 000 ක් පමණ තවමත් ඉන්දියාවේ විවිධ පළාත්වල ජීවත් වන බව සඳහන්.

Previous Post Next Post