කසළ දැන් ජාතික ප්‍රශ්නයක් වෙලා

වර්තමානයේ කසළ යනු ජාතික ප්‍රශ්නයක් වී ඇති බවත්, ඉන් නොදිරන කසළ ගැටළුව අහිතකර ලෙස බල පා ඇති බැවින් එවැනි කසළ ප්‍රතිචක්‍රීයකරණය කිරීමට කටයුතු කිරීම ජාතික සේවාවක් බව වාරිමාර්ග හා ජල කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා පවසනවා.

පුත්තලම - මංළඑළිය ප්‍රදේශයේ ඉදිකරන ලද පොලිතීන්
ප්‍රතිචක්‍රීයකරණය කර නැවත පරිසර හිතකාමී පොලිතීන් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක නිෂ්පාදන කටයුතු ආරම්භ කරමින් අමාත්‍යවරයා ඊයේ (18) මේ බව කියා සිටියා.

මෙම කර්මාන්ත ශාලාවේ දිනකට පොලිතීන් කිලෝ ග්‍රෑම් 5000ක් ප්‍රතිචක්‍රීයකරණය කර නැවත පරිසර හිතකාමී පොලිතීන් නිෂ්පාදනය කළ හැකි බව කර්මාන්ත ශාලා හිමිකරුවන් පවසනවා. තමන් විසින් නිෂ්පාදනය කරණු ලබන්නේ දිරා යන කෘෂි කාර්මික කසළ බඳුන් සහ කොන්ක්‍රීට් ආස්තර සඳහා යොදන පොලිතීන් වන බැවින් ඒ තුළින් කිසිඳු පාරිසරික හානියක් සිදු නොවන බවද ඔවුන් පවසනවා. එමෙන්ම මෙම කර්මාන්ත ශාලාවෙන් කිසිදු අපද්‍රව්‍යයක් හෝ දුමක් පරිසරයට බැහැර නොකිරීමද විශේෂත්වයක් වනවා.


Previous Post Next Post