පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා ජනවාරි මස 19 වන දා සිට නිවෙස්වලට බෙදා හැරීම සඳහා සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිසම් සභාව පවසනවා.
මීට අමතරව ජනවාරි 28 වන දා විශේෂිත දිනයක් ලෙස නම් කොට ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමට කටයුතු කරන බවයි එම කොමිසම සඳහන් කළේ.
පෙබරවාරි තුන්වනදායින් පසු ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලෙන් බෙදා නොහරින අතර පසුව එය ඡන්ද හිමියන්ට පමණක් තැපැල් කාර්යාලයට පැමිණ ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
මීට අමතරව මැතිවරණයට අදාළව තාවකාලික හැදුනුම්පත් නිකුත් කිරීමේ අවසන් දිනය ලෙස පෙබරවාරි මස 2 වන දා නම් කර ඇති අතර ඊට පෙර හැඳුනුම්පත් ලබා ගන්නා ලෙස ද මැතිවරණ කොමිසම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

Tags
slide